
වෙඩි වැදීමෙන් සති තුනකට පසු පාකිස්ථානයේ හිටපු අග‍්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් සහභාගි වූ ජන රැළියකට ලක්ෂයකට අධික පිරිසක් සහභාගි වී තිබෙනවා.
මෙය වෙඩි ප‍්‍රහාරය එල්ලවීමෙන් පසු ඉම්රාන් ඛාන් පැවැත්වූ පළමු රැළියද වනවා.
රාවල්පිණ්ඩි නගරයේ පැවති මෙම රැළියේදී ඉම්රාන් ඛාන්, තමන්ට වෙඩි තැබීමේ සිද්ධියට වත්මන් රජය සම්බන්ධ බවට චෝදනාවක්ද එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.