හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට පසුගියදා ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන් සඳහා වන ප‍්‍රභූ ආලින්ද පහසුකම ලබාදීම පිලිබඳව ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කළා.
එමඟින් සඳහන් කර ඇත්තේ හිටපු අමාත්‍යවරයාට සහ ඔහුගේ බිරිඳට පසුගිය නොවැම්බර් 20 වනදා එම පහසුකම ලබාදුන්නේ මුදල් ගෙවීමේ පදනම මත බවයි. ඊට අදාළ ගෙවීම් නිසි පරිදි සිදුකර ඇති බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම හිටපු අමාත්‍යවරයා පිළිගැනීමට ගුවන් තොටුපලට පැමිණි විශේෂ අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග‍්‍රහයක් පිරිනැමීම පිළිබඳවද එහි කරුණු දක්වා තිබුණා.
ඒ අනුව අදාළ පාර්ශවයේ ඉල්ලීම මත මුදල් ගෙවීමෙන් පසු එම පහසුකම ද සැපයූ බවයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.