
චීනය පරිත්‍යාග කළ ඩීසල් තොගය මෙරට ධීවර හා කෘෂිකාර්මික ප‍්‍රජාවට නොමිලේ ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පවසනවා.
මෙට්‍රික් ටොන් 9,000 ක් රැගෙන ඊයේ දිවයිනට පැමිණි එම නෞකාවේ ඩීසල් තොග ගොඩබෑම මේ වනවිට ආරම්භ වී ඇති බවයි ඔහු ප‍්‍රකාශ කළේ.
එය නිල වශයෙන් භාරගැනීම අද පෙරවරුවේ සිදු කෙරුණු අතර, එම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් මෙන්ම චීන තානාපතිවරයාද එක්ව සිටියා.
එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් කියා සිටියේ මේ වනවිට එම ඩීසල් තොගය සපුගස්කන්ද පිරිපහදුවට පොම්ප කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.