සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ එය අතහැර දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දු වාර 48 යි පන්දු 2 ක් අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 228 ක් පමණයි.
ලකුණු 229 ක ජයග්රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දු වාර දෙකයි පන්දු හතරක් තුළ ලකුණු 10 ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ තරගය අතහැර දැමීමට සිදුවුණා.
තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ එකට බින්දුවක් ලෙස මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ ඇෆ්ගනිස්ථානයයි.