යුධ සමයේදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සිහිකරමින් පවත්වනු ලබන මහවිරු සැමරුම උතුර – නැගෙනහිර කේන්ද්‍ර කරගනිමින් ඊයේ පවත්වා තිබෙනවා.
මෙවර මහවිරු සැමරුම් පැවැත්වීමට කිසිදු තහනමක් පනවා නොතිබූ බවයි වාර්තා වන්නේ.
ඒ අනුව කිළිනොච්චිය, මඩකළපුව, ත්‍රිකුණාමලය, අම්පාර, යාපනය ඇතුළු ප්‍රදේශ රැසක සැමරුම් පවත්වා ඇත්තේ මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ පවුල්වල සහභාගීත්වයෙන්.
මේ අතර යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ද මහ විරු සැමරුමක් පවත්වා ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කිළිනොච්චියේ දී මහවිරු සැමරුමක් පවත්වා තිබෙනවා.
එමෙන්ම යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරසු පක්ෂ කාර්යාලයේදී ද මහවිරු සැමරුම් වැඩසටහනක් පැවති අතර ඊට හිටපු පළාත් සභා මන්ත්‍රී සී.වී.කේ. ශිවඥානම් ද එක්ව සිටියා.