රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරිය ඇතුලූ වගඋත්තරකරුවන්ට මේ සම්බන්ධයෙන් දෙසැම්බර් මස 12 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා අභියාචනාධිකරණය නොතීසි ද නිකුත් කර තිබෙනවා.
අභියාචනාධිකරණය විසින් ආගමන විගමන පාලකවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ වගඋත්තරකාර ඩයනා ගමගේ ගේ පුරවැසිභාවය සම්බන්ධ සියලූ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
සමාජ ක‍්‍රියාකාරිකයෙකු වන ඔෂල ලක්මාල් හේරත් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
මේ අතර අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස අත්පත් කරගත්තේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනු කර ඇති නඩුවේ මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා ජනවාරි මස 16 වනදාට පෙර ගොනුකරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.