රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ නීති විරෝධීව ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව පවසමින් සමාජ ක්රියාකාරිකයන් පිරිසක් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් භාරදුන්නා.
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුට යොමු කිරීම සඳහා භාරදුන් අදාළ ලිපිය මගින් ඔවුන් ඉල්ලා ඇත්තේ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය යලි එරටට ගෙන්වා ගන්නා ලෙසයි.
ඇයගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදීද සංවාදයට බඳුන් වූ අතර ඊට අදාළව අධිකරණයේ නඩුවක්ද විභාගයට ගැනෙනවා.
එවන් පසුබිමකයි සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල ලක්මාල් හේරත් ඇතුළු පිරිසක් අද බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් භාර දුන්නේ.