විහාර දේවාල ගම් පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සියළු නිකායන් විසින් ඉදිරිපත් කළ යෝජනා පදනම් කරගනිමින් වර්තමානයට උචිත පරිදි විහාර දේවාල ගම් පනත සංශෝධනය කරමින් නව කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එමෙන්ම සියලූම නිකායන්ගේ එකඟතාවය මත ථෙරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතකට අදාළව ඒකමතිකව සිදු කරන ලද සංශෝධන අනුව නව කෙටුම්පනතක් සැකසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
මේ අතර විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට පත්කරන ලද කමිටුව විසින් ලබාදුන් යෝජනාවලියටද ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.
ඒ අනුව විදුලිබල ප්‍රතිව්‍යුහගත පනත මසක් තුළ සකස් කිරීමට අදාළ කටයුතු අද සිට ක්‍රියාත්මක වන බවයි ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.