මෙවර ගල් අඟුරු ලබා ගැනීමේදී කොපමණ බාධා පැවතියද කෙසේ හෝ ගල් අඟුරු නැව් වාර 35ක් ගොඩ බෑමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ලංකා ගල් අඟුරු සමාගම පවසනවා.
විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සභාපති නිහාල් වීරසිංහ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනතුරු අගවා සිටියේ දැනට ඇණවුම් කර ඇති ගල් අඟුරු නෞකා මෙරටට නොපැමිණියහොත් ලබන වසරේ ජුලි මාසය වන විට ඉතිහාසයේ දැවැන්තම විදුලි කප්පාදුව සිදු විය හැකි බවටයි.
කෙසේ වෙතත්, ඔවුන්ගේ මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර සඳහන් කළේ 2022, 2023 වසර සඳහා දැනටමත් නැව් වාර 04ක සැපයුම් කටයුතු අවසන් කර ඇති බවයි.
තවත් ගල් අඟුරු නෞකාවක් ලබන මස 8 වනදා මෙරටට පැමිණීමට නියමිත අතර, තවත් ගල් අඟුරු නෞකාවකට මූලික ගෙවීම සිදු කර අවසන් බවයි ඔහු කියා සිටියේ.