විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ගේ ආරාධනය පරිදි අද අළුයම ඇමරිකාව බලා පිටත්ව ගියා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් තුන්දෙනෙකු ද මෙම සංචාරයට එක්ව සිටිනවා.
මෙම සංචාරය අතරතුර යූඑස් ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර් ද හමුවී සාකච්ජා කිරීමට නියමිතයි.
මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ දී පුද්ගලයින් දෙලක්ෂ අසූ දහසකට වැඩි පිරිසක් විදේශ රැකියා සඳහා පිටව ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.
විදේශ කටයුතු, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග යන අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා දුම්රිය, තැපැල්, රජයේ මුද්‍රණ, මෝටර් රථ සහ රජයේ ප්රවෘත්ති යන දෙපාර්තමේන්තුව යන ආයතනවලට අදාළ වැය ශිර්ෂයන් පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති අතර ඊට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.