රට තුළ නැවත වරක් ගෑස් හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් අවධාරණය කරනවා.
එළැඹෙන දෙසැම්බර් 01 දා සිට ගෘහස්ථ සහ අත්‍යවශ්‍ය සේවා සඳහා සාමාන්‍ය පරිදි ගෑස් සිලින්ඩර බෙදාහැරීම සිදුවන බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර ඉදිරි දින තුන තුළ සියලූ කෘෂිකාර්මික ප‍්‍රදේශවලට භූමිතෙල් නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙලක් රජය විසින් අද සිට ආරම්භ වනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ධීවරයින්ගේ භූමිතෙල් ගැටළුව විසදනු ලැබූ යාන්ත‍්‍රණයම භාවිත කරමින් කෘෂිකාර්මික කටයුතු සඳහාද භූමිතෙල් ලබාදෙන බවයි.
ඉන්ධන අන්තර් පළාත් දිස්ත‍්‍රික් හුවමාරු භාණ්ඩයක්ද බව සළකා කෘෂිකර්ම, අපනයන, වැවිලි භෝග, මල් හා විසිතුරු වගා ඇතුළු වෙනත් සෑම කෘෂි ක්ෂේත‍්‍රයක්ම ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
කෘෂි වගාවන්ට භූමිතෙල් සැපයීමේදී ඩොලර් ලක්ෂ 30 කට ආසන්න පිරිවැයක් රජයට දැරීමටද සිදුවනවා.