/
/
title icon දියණිය ගැබිණියක් කළ පොළොන්නරුවේ පියෙකුට වසර 45 ක සිර දඬුවම්.
දියණිය ගැබිණියක් කළ පොළොන්නරුවේ පියෙකුට වසර 45 ක සිර දඬුවම්.
Editor
1 year ago
Share:
දියණිය ගැබිණියක් කළ පොළොන්නරුවේ පියෙකුට වසර 45 ක සිර දඬුවම්.

මවගේ රැකවරණයද නොමැති තම 15 හැවිරිදි දියණිය වරින්වර අපයෝජනය කර දරුවෙකු ප‍්‍රසූත කරන තත්වයට පත් කළ පොළොන්නරුව – නිස්සංකමල්ලපුර ප‍්‍රදේශයේ පදිංචි පියෙකුට වසර 45 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් ඊයේ නියම කෙරුණා.

එසේම  රුපියල් ලක්ෂ 10 ක වන්දියක් මෙන්ම, ලක්ෂයක දඩයක් ගෙවන ලෙසටද පොළොන්නරුව මහාධිකරණය සැකකරුට නියෝග කළා. ඊට අදාළ නඩුවේ තීන්දුව පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත විසින් ප‍්‍රකාශයට පත් කළ අතර, මෙම සිද්ධිය වාර්තාවන්නේ 2015 වසරේදියි.

සැකකාර පියාට එල්ලවූ චෝදනා 3 ට වෙන් වෙන් වශයෙන් වසර 15 බැගින් වසර 45 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

අදාළ වන්දි මුදල විත්තිකාර පියා, ගෙවීම පැහැර හැරියහොත් තවත් වසර දෙකක සිරදඩුවමකට අමතරව, මුදලින් රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන ලෙස ද අදාළ දඩ මුදල පැහැර හැරියහොත් තවත් වසර වසරක සිරදඩුවමක් ද මහාධිකරණය නියම කළා.

සැකකරු තම දියණිය සාහසික අපරාධයකට ලක් කර ඇගේ මුළු මහත් අනාගතයම විනාශ කර ඇති බැවින් එය කිසිසේත් සුළුකොට තැකිය නොහැකි බවයි මහාධිකරණ විනිසුරුවරයා එහිදී ප‍්‍රකාශ කළේ.

විනිසුරුවරයා මෙහිදී අවධාරණය කළේ සැකකාර පියා දැරියගේ අධ්‍යාපනයද කඩාකප්පල් කර දමා මුළු අනාගතයම අඳුරු කර ඇති බැවින් එම හානිය මූල්‍යමය වන්දියකින් සමනය කිරීම අතිශය අසීරු කාර්යයක් බවයි. එබැවින් නියම කරන දඬුවම මුළු මහත් සමාජයම සුරක්ෂිත කරන ආකාරයේ දඬුවමක් විය යුතු බවද විනිසුරු රුචිර වැලිවත්ත ප‍්‍රකාශ කළා.

මේ අතර, අනියම් බිරිඳගේ 15 හැවිරිදි දියණිය වරින් වර අපයෝජනයට ලක් කිරීමේ තවත් සිද්ධියකට අදාළව පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ සැකකාර පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් රුද්‍රිකා ද සිල්වා හමුවට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා, වව්නියාව – ඊච්චන්කුලම පොලීසියට අනුයුක්තව සේවය කරන 54 හැවිරිදි එම තන්තිරිමලේ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මේ අතර, මීළග නඩු දිනයේදී දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් මෙන්ම, විමර්ශන කඩිනමින් අවසන් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය, තන්තිරිමලේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර ඇත්තේ.

සැකකරු, සිය අනියම් බිරිදගේ බාල වයස්කාර දැරියක් වරින් වර අපයෝජනය කරමින් සිටින බවට දන්වමින් අදාළ දැරිය ඉගෙනුම ලබන පාසලෙන් නිර්නාමික ලිපියක් තන්තිරිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබී තිබුණා.

ඒ අනුව පොලීසිය අදාළ දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලට වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර, ඇය අපයෝජනයට ලක්වූ බව තහුවරු වීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required