
මිරිස්ස මුහුදු වෙරළ තීරය ආශ‍්‍රිතව සිටින කිඹුලෙකු හේතුවෙන් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති බව එම ප‍්‍රදේශයේ හෝටල් හිමියන් පවසනවා.
ඉදිරියේදී පැමිණෙන උත්සව සමය හේතුවෙන් සංචාරකයින් විශාල සංඛ්‍යාවක් මිරිස්ස වෙරළ තීරයට පැමිණීමට නියමිත වුවද මේ හේතුව නිසා ඔවුන් පැමිණීමට බියක් දක්වන බවයි හෝටල් හිමියන් පෙන්වා දෙන්නේ.
මෙම ගැටලූව විසදීමට වහාම මැදිහත් වන ලෙසයි හෝටල් හිමියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ.