පොතුවිල් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ පරිපාලන දුර්වලතා සහ අත්තනෝමතික ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් පියවරක් නොගතහොත් ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඔහුගේ ක‍්‍රියාකලාපයට විරෝධය පළ කරමින් රෝහලේ වෛද්‍යවරුන් මේ වනවිට තාවකාලිකව සේවයෙන් ඉවත්වී තිබෙනවා.
ඒ, වෛද්‍ය අධිකාරීවරයාගේ අනුදැනුම ඇතිව රෝහලට පැමිණි කණ්ඩායමකගේ ක‍්‍රියාකලාපය නිසා රෝහල තුළ දැඩි අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී ඇති බව පවසමින්.