/
/
title icon
2023 ජනවාරි සහ ජුනි යළිත් විදුලි ගාස්තු වැඩිකිරීමට කැබිනට් අනුමැතිය. 
2023 ජනවාරි සහ ජුනි යළිත් විදුලි ගාස්තු වැඩිකිරීමට කැබිනට් අනුමැතිය. 
Editor
2 years ago
Share:
2023 ජනවාරි සහ ජුනි යළිත් විදුලි ගාස්තු වැඩිකිරීමට කැබිනට් අනුමැතිය. 

ලබන වසරේ ජනවාරි සහ ජුනි මාස වලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වී ඇති අතර, එහිදී මේ පිළිබඳ අනාවරණ වුණා.

විදුලිබල මණ්ඩලයේ දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලිබිල සියයට 70 කින් වැඩිවිය යුතු බවටයි විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊට එක්වෙමින් ප‍්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව, ජනවාරි සහ ජුනි මාස වලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවත් මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය සඳහා අදාළ කටයුතු සිදුකිරීමට නියමිත බවත් විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න එහිදී සඳහන් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required