ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම ඇතුළු කාණ්ඩ කිහිපයකට අදාළ වීසා ගාස්තු අද සිට ක්රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ස`දහන් කළේ ද්විත්ව පුරවැසිභාවය ලබාදීම සඳහා වන ගාස්තුව රුපියල් තුන්ලක්ෂ 45,000 සිට ඇමෙරිකානු ඩොලර් 2000 දක්වා ඉහළ නංවා ඇති බවයි. එය රුපියල් හත් ලක්ෂය ඉක්ම වූ අගයක්.
එමෙන්ම, පුරවැසි පනත යටතේ නිකුත් කරන සහතික වල පිටපත් ගාස්තුව ද රුපියල් 1150 සිට රුපියල් 2000 දක්වා සංශෝධනය කර ඇති අතර නේවාසික ආගන්තුක යෝජනා ක්රමය වීසා වැඩසටහන යටතේ වීසා නිකුත් කිරීම ඇමෙරිකන් ඩොලර් 200 දක්වා වැඩි කළ බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට අමතරව, තවත් කාණ්ඩ කිහිපයක වීසා ගාස්තු ඉහළ නංවා තිබෙනවා.