අද දිනය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඉන් 80,000 ක් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර බවයි.
මේ අතර, ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව රතු කැකුළු කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 199 ක්, කීරි සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 225 ක්, ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 225 ක් සහ හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 1150 ක්ද වන ලෙස මිල පහත දැමීමටයි පියවර ගෙන ඇත්තේ. මෙම මිල ගණන් අද සිට ක්‍රියාත්මකයි.