අර්බුදකාරී වාතාවරණයක් මැද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ විධායක සභා රැස්වීම කැඳවා තිබූ අතර, එහිදී නව මහ ලේකම්වරයා ලෙස නම් කර තිබූ තිලංග සුමතිපාලට අනුමැතිය හිමිවුණා.
ඒ, මතභේදයට තුඩුදුන් මෙම විධායක සභා රැස්වීම කැඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.
පසුගිය 24 වනදා ලිපියක් මගින් මෙම විධායක සභා රැස්වීම ඊයේ පස්වරු 5 ට පැවැත්වෙන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ ලේකම්වරුන් වෙත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ද ලිපියක් යොමුකර තිබූ අතර, ඔහු ඉන් සඳහන් කර තිබුණේ නිදහස් සන්ධානයේ විධායක සභාව කැ`දවීමේ බලය ඇත්තේ මහලේකම්වරයා වශයෙන් තමන්ට බවයි.
අදාළ කැඳවීම නීතිවිරෝධී බවත්, ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියා.