/
/
title icon ණය බරෙන් පහෙන් එකක් චීනයට – උද්ධමනය තවදුරටත් අඩුවෙයි.
ණය බරෙන් පහෙන් එකක් චීනයට – උද්ධමනය තවදුරටත් අඩුවෙයි.
Editor
1 year ago
Share:
ණය බරෙන් පහෙන් එකක් චීනයට – උද්ධමනය තවදුරටත් අඩුවෙයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට 61 දක්වා පහත බැස තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය පැවතියේ සියයට 66 ක් ලෙසයි.

එමෙන්ම, ආහාර කාණ්ඩයේ නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට 73 යි දශම 7 දක්වා පහත බැස ඇති අතර එය පසුගිය මාසයේ පැවතියේ සියයට 85යි දශම 6 ක් ලෙසින්.

මේ අතර, රටේ ආර්ථික තත්ත්වය ලිහිල් කිරීම සඳහා රජය ගෙන ඇති කෙටිකාලීන කි‍්‍රයාමාර්ග පිළිබඳව තෘප්තිමත් වන බව ලෝක බැංකුව පවසනවා.

ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂකවරයා ඇතුලූ නියෝජිත පිරිසක් අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී ඇති අතර, එම අවස්ථාවේදී එහි නියෝජිතයින් මේ බව ප‍්‍රකාශ කර තිබෙනවා.

ණය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන ඉහළ ප‍්‍රගතියක් අත්කර ගෙන ඇති අතර, අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් අපේක්ෂිත ඩොලර් බිලියන 2 යි දශම 9 ක මුදල ඉක්මනින් ලැබෙනු ඇති බවයි ලෝක බැංකු නියෝජිතයින් අග‍්‍රාමාත්‍යවරයා වෙත ප‍්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, පසුගිය වසර අවසන් වනවිට ශ‍්‍රී ලංකාව චීනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 7 යි දශම 4 ක ණය මුදලක් ගෙවීමට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එය මෙරට සමස්ත ණය වලින් සියයට 20 කට ආසන්න බවයි අධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required