දකුණු සහ ඇල්ල සංචාරක කලාප හෙට සිට රාත‍්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කර තිබෙනවා.
විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ දෙසැම්බර් 15 වනදා තෙක් දිවයින පුරා සෙසු ප‍්‍රදේශ සඳහා දහවල් කාලයේ පැයක් සහ රාත‍්‍රී කාලයේදී පැයයි විනාඩි 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන බවයි.
එමෙන්ම, දෙසැම්බර් 15 වනදායින් පසුව සංචාරක අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති සියලූ සංචාරක කලාප සඳහා රාත‍්‍රී විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.
පවතින විදුලි කප්පාදුව හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් විශාල අපහසුතාවන්ට ලක්ව ඇති බව පසුගියදා විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා.