/
/
title icon විදුලිබල මණ්ඩලය සහ උපයෝගීතා කොමිසම කඹ ඇදිල්ලක.
විදුලිබල මණ්ඩලය සහ උපයෝගීතා කොමිසම කඹ ඇදිල්ලක.
Editor
1 year ago
Share:
විදුලිබල මණ්ඩලය සහ උපයෝගීතා කොමිසම කඹ ඇදිල්ලක.

විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට යළි විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම එකිනෙකට වෙනස් මතවාද ඉදිරිපත් කරමින් සිටිනවා.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප‍්‍රකාශ කළේ අද මාධ්‍ය හමුවක් කැඳවා කරුණු අනාවරණ කරන බවයි.

මෙම ගැටළුව යළි කරළියට පැමිණෙන්නේ ලබන වසරේ ජනවාරි සහ ජුනි මාස වලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවට විදුලිබල මණ්ඩලය සිදුකළ ප‍්‍රකාශයත් සමඟයි. ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වී ඇති අතර, එහිදී මේ පිළිබඳ අනාවරණ වී තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල සියයට 70 කින් වැඩිවිය යුතු බවටයි විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊට එක්වෙමින් ප‍්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව, ජනවාරි සහ ජුනි මාස වලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවත් මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය සඳහා අදාල කටයුතු සිදුකිරීමට නියමිත බවත් විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න එහිදී සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඊට ප‍්‍රතිචාර දක්වමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඊයේ පස්වරුවේ ප‍්‍රකාශ කළේ විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් සලකා බැලීමක් සිදුකර නොමැති බවයි.

මීට පෙරද ඉල්ලා සිටි ප‍්‍රතිශතයට විදුලි බිල වැඩි කිරීමට අවස්ථාව ලබා නොදීම පිළිබඳව උපයෝගීතා කොමිසම සහ විදුලිබල අමාත්‍යාංශය අතර උණුසුම් සංවාද පැවතුණා.

අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ විදුලිය සම්බන්ධ නියාමන ආයතනය වන මහජන උපයෝගීතා කොමිසම අවශ්‍ය අවස්ථාවලදී නිසි අයුරින් ක්‍රියාත්මක වූයේ නම් බලශක්ති අර්බුදයකට රට මුහුණ නොදෙන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required