
මහා පරිමාණයෙන් මූල්‍ය වංචා කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තිලිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන ඇතුළු 03 දෙනෙකු දෙසැම්බර් 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සිද්ධියට අදාළ නඩුව කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදීයි.
තිලිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන වෙනුවෙන් දෙදෙනා වෙනුවෙන් සිදු කළ ඇප ඉල්ලීම මහේස්ත‍්‍රාත්වරයා ප‍්‍රතික්ෂේප කළ බවයි අධිකරණ වාර්තාකරු කියා සිටියේ.
එසේම, මුදල් වංචා කිරීම සඳහා ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප‍්‍රියමාලීගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර සහ පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන් ඇතුළු පිරිස ඇප මත මුදා හරින ලෙස නියෝග කළා.
රුපියල් මිලියන 10 සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප මත සහ රුපියල් පනස් දහසක සහ රුපියල් විසිපන් දහස බැගින් වූ මුදල් ඇප මත ඔවුන් මුදා හැරීමටයි නියෝග කෙරුණේ.
ඇප මත මුදා හරින ලද සැකකරුවන් සියළු දෙනාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා ඒ පිළිබඳව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසටද දැනුම් දුන්නා.