ආර්ථික අර්බුදයෙන් පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙරට ජනතාවගෙන් 60.5% ක ප්‍රතිශතයක් එකඟතාවය පළ කර ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
ඔක්තෝම්බර් 21 වැනිදා සිට 31 වැනිදා දක්වා දිස්ති‍්‍රක්ක 25 ක පුද්ගලයින් දහසක නියැදියක් යොදා ගනිමින් අදාළ සමීක්ෂණය සිදුකර ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසින්.
එහිදී අදාළ සමීක්ෂණයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම පිළිබඳව 60.5% ක පිරිසක් එකඟතාව පළ කර ඇති අතර, එලෙස කැමැත්ත පළ කළ බහුතරය වයස අවුරුදු 18 ත්, 29 ත් අතර තරුණ පිරිස් බව සඳහන්. එමෙන්ම, 24% ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා නොගත යුතු බව ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, මෙරට ආර්ථික අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විසඳුම් ලබාගත හැකි බවට යම්තාක් දුරකට විශ්වාසය පළ කරන පිරිස 55.3% ක් වන අතර, එසේ විසඳුම් ලබාගත හැකි බවට විශ්වාස නොකරන සංඛ්‍යාව 22.6% ක්.
මේ අතර, සියයට 56.8 රට තුළ පවතින තත්ත්වය හමුවේ විදේශ ගතවීම හෝ වෙනත් රටක ජීවත්වීම සඳහා අවස්ථාවක් ලදහොත් ඊට කැමැත්තෙන් පසුවන බවට ප්‍රකාශ කර තිබෙනවා. අවුරුදු 18 ත්, 29 ත් අතර වයසේ පසුවන පිරිසෙන් 77.2% ක් එලෙස ප්‍රකාශ කර ඇති අතර, අවුරුදු 30 ට වැඩි පිරිසෙන් 45.4% ක් එලෙස විදේශගතවීමට කැමැත්තෙන් පසුවන බවයි සඳහන් කර ඇත්තේ.