ෆිච් රේටින් ආයතනය මගින් මෙරට දිගු කාලීන දේශීය විදේශ විනිමය නිකුතු ශ්‍රේණිය සී සී සී සිට සී සී දක්වා පහත හෙළා තිබෙනවා. ඒ අනුව අදාළ ණය නොගෙවීම සැළකිය යුතු අවදානම් මට්ටමේ සිට ඉතා ඉහළ අවදානම් මට්ටමක් දක්වා පහත හෙළා තිබීම විශේෂත්වයක්.
එමෙන්ම ෆිච් රේටින් ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ දීර්ඝකාලීන විදේශ මුදල් ණය නොගෙවීමේ වර්ගීකරණය මෙතෙක් පවත්වාගෙන ආ ඩී මට්ටමේම රදවා තිබෙනවා.
එය පසුගිය මැයි මාසයේදී සී මට්ටමේ සිට ඞී මට්ටම දක්වා පහත හෙළනු ලැබුවා.
මේ අතර විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් යූ.එස්. ඒඩ් හි ප‍්‍රධානී සමන්තා පවර් හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
වොෂින්ටන් නුවර පැවති මෙම හමුවේදී ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේදී ලබාදීමට නියමිත සහන පිළිබඳව සාකච්ඡුා වී ඇති බව සඳහන්.
ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ගේ ආරාධනාවක් මත විදේශ අමාත්‍යවරයා ඇමරිකාවට ගොස් සිටින අතර, ඔහු එරට සෙනෙට් සභිකයෙකු වන බිල් හැගර්ටි ද හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.