දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආනයනික ලොකු ළුෑණු මිලෙහි අඩුවීමක් දක්නට ලැබෙන බව තොග වෙළන්දන් පවසනවා.
ඊයේ ආනයනික ලොකු ළුෑණු කිලෝවක තොග මිල රුපියල් 200 ත් 300 ත් අතර මිලක පැවති අතර, අද වනවිට එය රුපියල් 150 ත් 170 ත් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් දේශීය රතු ළුෑණු කිලෝවක තොග මිල ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී රුපියල් 340 සිට රුපියල් 500 දක්වා ඉහළ ගොස් තිබෙනවා.