
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජනබලවේගය ඇතුළු දේශපාලන පක්ෂ 3 ක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 60 – 70 ත් අතර සංඛ්‍යාවක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට කැමැත්ත පළ කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.
ඉන් වැඩි පිරිසක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් බවයි ඔහු කියා සිටියේ.
එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ඊයේ ආරම්භ කෙරුණු අතර, නව සංවිධායකවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ ද එහිදී සිදු කෙරෙනවා.