
ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් සොයාබැලීමට ක‍්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් හයදෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.
එහි සභාපතිනිය ලෙස විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන පත් කර ඇති අතර, 1973 අංක විසි පහ දරණ ක‍්‍රීඩා පනතට අනුව මෙම විමර්ශන කමිටුව පත් කර ඇති බවයි ක‍්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළේ.