
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ප‍්‍රතිව්‍යුහගත කිරීමේදි සේවක අයිතිවාසිකම් කප්පාදු නොකරන බව විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප‍්‍රකාශ කළා.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ප‍්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට මහ භාණ්ඩාගාරයේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුව හමුවේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ කරුණු දැක්වූ බවයි.
මෙහිදී මාධ්‍යවේදීන්, අමාත්‍යවරයාගෙන් ගුවන් සමාගම පිළිබඳව ප‍්‍රශ්න කළ අතර, මාධ්‍ය හමුවට එක්වූ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේද ඊට මැදිහත්වුණා.
සභාපතිවරයා කියා සිටියේ තමා හෝ අධ්‍යක්ෂ මණ්ඩලය කිසිදු වැටුපක් හෝ වරප‍්‍රසාදයක් ලබා නොගන්නා බවයි.