
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවති තරගයකින් පෘතුගාලය පරදා ගෝල දෙකට එකක් ලෙස ජය වාර්තා කිරීමට දකුණු කොරියාව සමත්වුණා.
එමෙන්ම සර්බියාව ගෝල තුනට දෙකක් ලෙස පරාජයට පත් කිරීමට ස්විට්සර්ලන්තය ඊයේ සමත්වුණා.
මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයට නෙදර්ලන්තය, ඇමරිකාව, ආජන්ටිනාව, ඕස්ටේ‍්‍රලියාව, ප‍්‍රංශය, පෝලන්තය, එංගලන්තය, සෙනෙගාල්, ජපානය, ක්‍රොඒෂියාව, බ‍්‍රසීලය, දකුණු කොරියාව, මොරොක්කෝව, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය සුදුසුකම් ලබාගෙන තිබෙනවා.