සහල් ආනයනය කිරීම වහාම නතර කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, මහකන්නයේ හෙක්ටයාර ලක්ෂ 07 ක පමණ ප‍්‍රමාණයක වී වගා කර ඇති බව බතලේගොඩ වී පර්යේෂණ ආයතනය ප‍්‍රකාශ කළා. එය වගා කෙරෙන සමස්ත භූමි ප‍්‍රමාණයෙන් සියයට 75 ක ප‍්‍රමාණයක් බවයි එහි වී වගාව පිළිබඳ ප‍්‍රධාන කෘෂි විශේෂඥ කේ. රෝහණ තිලකසිරි කියා සිටියේ.