නියාමනයක් සහිතව ජාතිත ප‍්‍රතිපත්ති නිසියාකාරව ක‍්‍රියාත්මක කිරීම සදහා ජාතික ප‍්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික ආකෘතියක් සැකසීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ සභාපතීත්වයෙන් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ප‍්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදීයි.
එහි අනෙකුත් සාමාජිකයන් ලෙස අග‍්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප‍්‍රියන්ත මායදුන්න මෙන්ම මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අදාළ ආයතනවල නියෝජිතයන් පත් කිරීමට කටයුතු කළා.
ප‍්‍රතිපත්ති ගොඩනැගීම, ක‍්‍රියාත්මක කිරීම මෙන්ම අධීක්ෂණය සදහා ස්වාධීන වූ ආයතනයක් ලෙස පනතක් මගින් මෙම කොමිෂන් සභාව පිහිටුවීමට අපේක්ෂා කෙරෙන අතර එහි මූලික සැලසුම් ජනවාරි මස මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.