/
/
title icon බ්‍රිතාන්‍ය රජ කිරුළ නවීකරණය කෙරේ.
බ්‍රිතාන්‍ය රජ කිරුළ නවීකරණය කෙරේ.
Editor
1 year ago
Share:
බ්‍රිතාන්‍ය රජ කිරුළ නවීකරණය කෙරේ.

තුන්වන චාල්ස් රජුගේ රාජභිෂේකය වෙනුවෙන් මව් රැජිණ පැළඳි කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව බකිංහැම් මාළිගාව නිවේදනය කර තිබෙනවා.

ඒ, රාජකීය සම්ප‍්‍රදායට අනුවයි.

බ්‍රිතාන්‍ය රාජකීයත්වයට පත්වන නව රජු හෝ රැජිණ රාජාභිෂේකය සිදුකරන අවස්ථාවේ මෙම ඵෙතිහාසික කිරුළ පළඳවනු ලබනවා.

එය හැඳින්වෙන්නේ ශාන්ත එඩ්වඩ් කිරුළ ලෙසයි.

රාජභිෂේකයෙන් පසු එය නැවතත් තැන්පත් කර තැබෙන්නේ ලන්ඩන් කුළුණේයි.

බකිංහැම් මාලිගාව පවසන්නේ ලබන වසරේ මැයි මාසයේ පැවැත්ැවෙන තුන්වන චාල්ස් රජුගේ රාජභිෂේකය වෙනුවෙන් ලන්ඩන් කුළුණෙන් ඉවතට ගෙන මෙම කිරුළ නවීකරණය ආරම්භ කර ඇති බවයි.

ශාන්ත එඩ්වඩ් ඔටුන්නේ ගාර්නට්, තෝපස් සහ ටුවර්මැලයින් වැනි වටිනා පාෂාන 3,000ක් පමණ ඔබ්බවා ඇති බව සඳහන්.

ඒ අනුව දියමන්ති 2868ක්, සැෆයර්, එමරල් සහ රූබි වැනි වර්ගවලට අයත් ඉතා වටිනා මැණික් ගල් 33ක්, මුතු 273ක් ද අඩංගු වන බවයි බකිංහැම් හැම් මාළිගාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට භාවිත වන ඔටුන්න නිර්මාණය කරන ලද්දේ දෙවැනි එලිසබෙත් රැජිනගේ පියා වූ 6 වැනි ජෝර්ජ් රජු වෙනුවෙනි.

ඒ 1661 වසරේදියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required