අඩු මුදලකට විදුලිය ජනනය කිරීමට ඇති අවස්ථා මඟ හරිමින් බලධාරීන් කටයුතු කරන බවට විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි සභාපති නිහාල් වීරරත්න කියා සිටියේ ඊයේ රාත්‍රියේ සිට කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ විදුලි ජනන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බවයි.
ඒ, බලාගාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැෆ්තා නොමැතිවීම හේතුවෙන්. මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 165 ක් අහිමි වී ගොස් තිබෙනවා.
මේ දිනවල විදුලිය ජනනයේදී ගල් අඟුරු හෝ ඩීසල් මගින් විදුලිය ජනනය කිරීමට වැඩි පිරිවැයක් දැරීමට සිදුවූවත්, නැෆ්තා භාවිතයේදී ඊට සාපේක්ෂව අඩු පිරිවැයක් දැරීමට සිදුවන බවයි ඔහු කියා සිටියේ.