ආර්ථිකයේ කඩාවැටීම පිළිබඳ වගකිව යුතු පාර්ශව පාර්ලිමේන්තුව දැනුවත් නොකළ බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.
මහ බැංකුවේ එවකට සිටි නිලධාරීන් ද එම අනතුරු ඇඟවීම සිදු නොකළ බවයි ප‍්‍රතිපත්ති සම්පාදන ක‍්‍රියාවලියට තරුණ ප‍්‍රජාවේ දායකත්වය ලබාගැනීම පිළිබඳ පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම වැඩසටහනේදී තරුණ තරුණියන් යොමුකළ ගැටළුවලටද ජනාධිපතිවරයා පිළිතුරු ලබාදුන්නා.
මේ අතර ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ වෘත්තිය නීතීඥ දිවියට වසර 50 ක් පිරීම නිමිත්තෙන් නීති වෘත්තිකයන් සංවිධාන කළ සැමරුම් උත්සවයක්ද කොළඹදී ඊයේ පැවැත්වුණා. ජනාධිපති ආර්යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ, අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුලූ මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.