/
/
title icon විදෙස් විනිමය ප්‍රේෂණ මත බදු පනවා නැහැ – මහ බැංකුව.
විදෙස් විනිමය ප්‍රේෂණ මත බදු පනවා නැහැ – මහ බැංකුව.
Editor
1 year ago
Share:
විදෙස් විනිමය ප්‍රේෂණ මත බදු පනවා නැහැ – මහ බැංකුව.

විදේශ ගත සේවා නියුක්තිකයන් මෙරටට එවනු ලබන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා නැතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එලෙස බදු පනවා ඇති බවට හා එම ප්‍රේෂණ බලහත්කාරයෙන් රුපියල් බවට හරවනු ඇතැයි පැතිර යන කටකථා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ.

ඒ අනුව ශ‍්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ, විදේශිය ව්‍යවහාර මුදල් වශයෙන් තම බැංකු ගිණුම්වල තබාගැනීම හෝ ශ‍්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සිය අභිමතය පරිදි සිදුකළ හැකියි.

එමෙන්ම විදෙස්ගත ශ‍්‍රී ලාංකික සේවා නියුක්තිකයන්ට දැනට ලබාදී ඇති විවිධ දිරි දීමනා අඛන්ඩව තවදුරටත් ඒ ආකාරයෙන්ම කිසිදු වෙනසක් නොමැතිව භුක්ති විඳිය හැකි බව ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required