/
/
title icon කෘෂි ඇමති සේනා සොයයි.
කෘෂි ඇමති සේනා සොයයි.
Editor
1 year ago
Share:
කෘෂි ඇමති සේනා සොයයි.

එක්සත් ජනපද නියෝජිතායතනය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් නොමිලේ ලබාදුන් යූරියා පොහොර මෙටි‍්‍රක් ටොන් 9,300 ක් අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාරදෙනු ලැබුවා.

ඒ අනුව එම පොහොර තොගය දිස්ත‍්‍රික්ක අටක අක්කරයකට වඩා අඩු කුඹුරු ඉඩම් සහිත ගොවීන් එක්ලක්ෂ 93,000 ක් සඳහා නොමිලේ බෙදාහරිනු ඇති.

මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය බණ්ඩි පොහොර සම්පූර්ණ ප‍්‍රමාණයම රැගත් නෞකාවක් මේ වනවිට කොළඹ වරායේ නැංගුරම් ලා ඇති අතර, එහි අන්තර්ගත බණ්ඩි පෙහොර ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් 41,876 ක්.

මේ අතර අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන්ට හානි කරමින් මේ වනවිට සේනා දළඹු වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වීමත් සමඟ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ පස්වරුවේ එම වගා බිම් නිරීක්ෂණයට එක්වුණා.

අනුරාධපුරය, සිප්පුකුලම, විරුප්පන්කුලම යන ගම්මානවල වගා කර ඇති බඩඉරිඟු වගාවන් නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍යවරයාට අමතරව කෘෂිකර්ම නිලධාරීන් මෙන්ම ගොවිජන සංවර්ධන නිලධාරීන්ද එක්ව තිබෙනවා. එහිදී කෘෂිකර්ම නිලධාරීන් පෙන්වා දුන්නේ සේනා දළඹු වසංගත තත්වය පාලනය කළ හැකි මට්ටමක දැනට පවතින බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required