කොළඹ සිට යාපනය බලා ධාවනය වූ අති සුඛෝපභෝගී බස් රථයක් අද අලූයම කිලිනොච්චිය – කිලෝමීටර 247 කණුව ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එහි සිටි 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මාර්ගයේ ගමන් කරමින් සිටි ගවයෙකු ගැටීමෙන් බස් රථය පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි කිලිනොච්චිය පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබූවන්ගෙන් 11 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර, කාන්තාවන් හත්දෙනෙකු සහ අවුරුදු එකහමාරක් වයසැති කුඩා පිරිමි දරුවෙකුද සිටිනවා.
කිලිනොච්චිය මහ රෝහලට ඇතුළත් කර ඇති මොවුන්ගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගෙන තිබෙනවා.