මේ මස පළමුවනදා සිට දකුණ සහ ඇල්ල යන සංචාරක කලාපවලට රාත්‍රි කාලයේ දී විදුලිය කප්පාදු නොකරන බවට දැනුම් දුන්නද සමාන්‍ය පරිදි විදුලිය කප්පාදු සිදු කරන බවට ව්‍යාපාරිකයින් චෝදනා කරනවා.
දකුණු සහ ඇල්ල සංචාරක කලාපවලට දෙසැම්බර් 1 වනදා සිට රාත‍්‍රී විදුලි කප්පාදු සිදු නොකරන බව විෂය භාර ආමාත්‍ය කංචන විජේසේකර මීට පෙර ප‍්‍රකාශ කළා.
එමෙන්ම, දෙසැම්බර් 15 වනදායින් පසුව සංචාරක අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති සියලූ සංචාරක කලාප සඳහා රාත‍්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත්, සමාන්‍ය පරිදි රාත්‍රි කාලයේ දී විදුලි කප්පාදුව සිදු කරන බවයි ගාල්ල -කොටුව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයින් චෝදනා කළේ.