උපාධිධාරින් 465 දෙනෙකු සඳහා 2019 වසරේ සිට මේ දක්වා රැකියා ලැබී නොමැති බව පවසමින් රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය අද දියත උයන අසළ විරෝධතාවක නිරත වුණා.
පාර්ලිමේන්තුවට යන අතරතුර විරෝධතාකරුවන් හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද පැමිණි අතර එහිදී සිය ගැටලූව සම්බන්ධයෙන් ඔවුන් එහිදි ලිපියක්ද භාරදෙනු ලැබුවා.
ඒ අනුව විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මෙම ගැටලූව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළ අතර ඊට පිළිතුරු දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් කියා සිටියේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් උපාධිධාරින් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවයි.
මේ අතර අතුරුදන්වූවන්ගේ පවුල් සඳහා ලබාදෙන බවට පොරොන්දු වූ වන්දි මුදල් මේ වනතෙක් ලැබී නොමැති බවට චෝදනා කරමින් අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුවද අද දියත උයන අසල විරෝධතාවක නිරත වුණා.