පසුගියදා නිකුත් කෙරුණු විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු මත 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු විශ්වවිද්‍යාල වරම් හිමි කරගෙන තිබෙනවා.
මෙලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක‍්‍රීඩා විද්‍යාවේදී උපාධිය හැදෑරිම සඳහා සුදුසුකම් ලබා ඇත්තේ මෙම වසරේ උසස්පෙළ විභාගයෙන් බී සාමාර්ථ තුනක් ලබාගත් කඩවත – මාවරමණ්ඩිය නැනමල් රාජකීය විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දෙව්ම් සනහස් සිසුවායි.
ඔහු 8 ශ්‍රේණියේ දි සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිට ඉන් සමත්ව, ඉන් මාස 03කට පසු 09 ශ්‍රේණියේදි උසස්පෙළ විභාගයට පෙනී සිටියා.
මේ අතර 2021 සාමාන්‍ය පෙළ විභාගයට පළමුවරට පෙනී සිට, උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලැබූ ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.
මේ සඳහා සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රුපියල් 75,000 නොඉක්මවිය යුතු අතර, රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් විය යුතු විය යුතුයි.
මේ යටතේ තෝරාගන්නා ශිෂ්‍යත්ව ලාභීන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් මසකට රුපියල් පන්දහස බැගින් වසර දෙකක කාලසීමාවක් සඳහා ශිෂ්‍යත්ව හිමිවනු ඇති. ඔවුන් සිය ආදායම් තත්වය පිළිබඳ ග‍්‍රාම නිලධාරීන්ගේ නිර්දේශය සහිතව ලබන 23 වනදාට පෙර විදුහල්පතිවරුන් වෙත භාරදිය යුතු වනවා.