/
/
title icon සුළි කුණාටුවක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්. 
සුළි කුණාටුවක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්. 
Editor
1 year ago
Share:
සුළි කුණාටුවක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්. 

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවලට සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයට අද සිට නැවත දැනුම්දෙනතුරු යාත‍්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට සහ නාවික ප‍්‍රජාවට දැනුම් දෙනවා.

ගිණිකොණ දිග බෙංගාල බොක්ක ආශි‍්‍රතව පවතින අඩු පීඩන කළාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය විම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

මෙහි බලපෑමෙන් හෙට සහ අනිද්දා යන දිනවල උතුර, උතුර මැද සහ නැගෙනහිර පලාත්වල වැසි සහ සුළං තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required