/
/
title icon
රජයට නඩු දමන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රී කියයි.
රජයට නඩු දමන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රී කියයි.
Editor
2 years ago
Share:
රජයට නඩු දමන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රී කියයි.

පාස්කු දින ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් අගතියට පත් වූවන් වන්දි ඉල්ලා නඩු පැවරිය යුත්තේ පෞද්ගලිකව තමන්ට නොව රජයට බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අභියාචනාධිකරණය හමුවේ ප‍්‍රකාශ කළා.

සිය නිතීඥවරුන් මාර්ගයෙන් ඔහු මේ බව දැනුම් දුන්නේ සිද්ධියෙන් තුවාල ලැබූ හා පූර්ණ ආබාධිත වූ පවුල් වල සමාජිකයින් 109 දෙනෙකු පැවරූ නඩු සියල්ල විභාගයට නොගෙන නිෂ්ප‍්‍රභ කර එම නඩු වලින් තමන්ව මුදාහරින්නැයි ඉල්ලා හිටපු ජනාධිපතිවරයා ගොනු කළ අභියාචනා පෙත්සම ඊයේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

මෙම නඩුව ව්‍යවස්ථාපිත කරුණු පදනම් කරගෙන පවරා ඇති බව පෙන්වාදුන් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥවරයා, ව්‍යවස්ථාපිත කරුණක් විභාග කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවත් සිවිල් අධිකරණයට එම කරුණු විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවත් සඳහන් කළා.

මේ අතර පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු නොකෙරෙන බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පාර්ලිමේන්තුවේ දී චෝදනා කළා. ඒ, අධිකරණ අමාත්‍යාංශයේ අයවැය කාරක සභා විවාදයට ඊයේ එක්වෙමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required