බොරැල්ල – කොටාපාර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සිදු වූ බව කියන වකුගඩු ජාවාරමේ ප්‍රධාන නියෝජිතයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
අදාළ ජාවාරමට සම්බන්ධ තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් සත් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
ඊට විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙක්, නීති නිලධාරියෙක් සහ විමර්ශන නිලධාරියෙකු ඇතුලත් බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.
මෙහි දී වෘෂණ කෝෂ බද්ධ කිරීම සිදුව ඇති බවට වාර්තා පළ වුවද සායනික හෝ පර්යේශණාත්මකව එවැනි බද්ධ කිරීම් සිදු කර නොමැති බව ද ඔහු කියා සිටියා.