ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් ඉහළ නැංවීමට ලිට්‍රෝ ගෑස් සමාගම පියවර ගත්තා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 4610 ක්.
එමෙන්ම කිලෝ ග‍්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 100 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 1850 ක් වනවා.
මීට අමතරව කිලෝ ග්?ම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 860 ක්.
උත්සව සමයේ සහ සීත සෘතුවේ ගෑස් ඉල්ලූම ඉහළ යාම මෙන්ම ලෝක වෙළදපලේ ගෑස් ඉල්ලූම වැඩිවීම මත ජාත්‍යන්තර එල්.පී.ජි ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මිල ඉහළ දැමූ බවයි ලිට්‍රෝ සමාගම ප‍්‍රකාශ කළේ.
කෙසේ වෙතත් ලෝක වෙළදපළේ ගෑස් මිල පහත වැටීමේදී එම වාසිය පාරිභෝගික ජනතාවට කඩිනමින් ලබාදෙන බවද එම සමාගම සඳහන් කළා.
මේ අතර ලාෆ්ස් සමාගම ප‍්‍රකාශ කළේ සිය ගෑස් සිලින්ඩරවල මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකරන බවයි.
මේ අතර, ලෝක වෙළඳපොළේ තෙල් මිල යලිත් ඉහළ ගොස් තිබෙනවා. යුක්රේන ආක‍්‍රමණය හමුවේ ජී 7 රටවල් රුසියාවට එරෙහිව පැනවූ තහනම මීට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එසේම, ප‍්‍රධාන තෙල් නිපදවන රටවල් විසින් තෙල් මිල ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා නිෂ්පාදනය සීමා කිරීමට ගෙන ඇති තීරණය ද ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ නැංවීමට හේතුවනු ඇති.
මෙම තත්වය හමුවේ අද දිනයේ රුසියානු බෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 87.88ක් දක්වා සියයට 2.7කින් ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82. 24ක් ලෙස වාර්තා වී ඇති අතර එය සියයට 2. 83ක වැඩිවීමක්.