රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60න් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ගැසට් නිවේදනය නිකුත් වී තිබෙනවා.
අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යුතුව ඊයේ නිකුත් කර ඇති එම නිවේදනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතවම තීරණය කර ඇති නිලධාරීන් හැර සියළුම රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට විශ්‍රාම යා යුතු බවයි දැක්වෙන්නේ.
ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට මෙය බලාත්මක බවද එහි දැක්වෙනවා.