
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු භාන්ඩ කාමරයේ තිබූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා ග්‍රෑම් 388 යි මිලිග්‍රෑම් 43ක් බරැති රන් භාණ්ඩ කිහිපයක් සොරාගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියෙකු බවට පවසා ව්‍යාජ ලේඛන පෙන්වමින් සැකකරුවෙකු මෙම කොල්ලය සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ රන් භාණ්ඩ සැබෑ රන් භාණ්ඩදැයි තහවුරු කිරීමට අවශ්‍ය යැයි පවසා ඔහු මෙම කොල්ලය සිදුකර ඇති අතර පසුව ලේඛණාගාර භාර නිලධාරියා පරීක්ෂා කිරීමේදී රන් භාණ්ඩ කිහිපයක් එහි නොවීම නිසා මේ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්.