
දකුණු පයාගල වෙරළ තීරයේ මහා තොඩුවාව ධීවර තොටුපලේ මාදැලකට කිඹුලෙකු හසුවී තිබෙනවා. අඩි 12 ක් පමණ දිගැති මෙම කිඹුලා ධීවරයන් විසින් සුරක්ෂිතව ගොඩබිමට රැගෙනවිත් ඇති බවටයි වාර්තා වන්නේ.
මීට පෙර මාතර – පොල්හේන මුහුදු තීරය, මිරිස්ස, අහංගම, වැල්ලවත්ත සහ ගාලූමුවදොර අවට මුහුදේද කිඹුලන් සැරිසරනු නිරීක්ෂණය කර තිබුණා.