
ලංකා ප‍්‍රිමියර්ලීග් තරගාවලියේ සමාරම්භක තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 24 ක ජයක් වාර්තා කළා.
මුලින්ම පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු පහකදී සියලූදෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 137 ක්. එහිදී ෂොයිබ් මලික් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 30 බැගින් ලබාගත්තා.
ජයග‍්‍රාහී ඉලක්කය හඹා ගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 113 ක් පමණයි. කුසල් මෙන්ඩිස් ලකුණු 51 යි.