/
/
title icon චීන ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ලබන වසරේ.
චීන ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ලබන වසරේ.
Editor
1 year ago
Share:
චීන ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ලබන වසරේ.

මෙරටට අවශ්‍ය වන්නේ ආර්ථික ප‍්‍රතිසංස්කරණයක් නොව, 2050 වසරට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක‍්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.

ලංකා වානිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2022 ආර්ථික සමුළුවට ඊයේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

එසේම චීනය සමඟ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡුා ප‍්‍රමාද වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සමුළුව හේතුවෙන් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. සමුළුව අවසන්ව ඇති බැවින් සාකච්ඡා කඩිනම් වනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ අනුව ලබන වසරේදී චීනය සමඟ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ, චීනය ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවද කියා සිටියා.

රට ගොඩනැගිය හැකි නව ආර්ථික ක‍්‍රමවේද හඳුන්වාදීමට මේ වනවිට පියවර ගෙන ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය වන්නේ විදේශ විනිමය ඉපයීම බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කළා.

මේ අතර ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායි මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ‍්‍රී ලංකාවට පවතින සුදුසුකම් ලෝක බැංකුව විසින් අනුමත කර තිබෙනවා.

ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජිවනෝපාය ආරක්ෂා කර ගැනීම සඳහා උපකාර කිරීමේ අරමුණින් මෙම මූල්‍ය පහසුකම් ලබා ගැනීම ලෝක බැංකුව විසින් අනුමත කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළේ.

එමෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝගවලට තම රට ඉහළ වැදගත්කමක් ලබාදෙන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකා මා වෝ නිංග් ප‍්‍රකාශ කළා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වල ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම සතියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් චීනය බලා පිටත්ව යාමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required