විපක්ෂය නියෝජනය කරන සැලකිය යුතු මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරියේදී ආණ්ඩුවට එක්වීමට නියමිත බව වාර්තා වනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ සමගි ජනබලවේගය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද ඒ අතර සිටින බවයි.
ජනතාව පත්ව ඇති අපහසුතාවලින් ඔවුන් මුදවා ගැනීමට මෙම තීරණය ගත් බවයි විපක්ෂය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙකු සඳහන් කළේ.
අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව මොවුන් ආණ්ඩුවට එක්වනු ඇති බවත්, මේ සති අන්තයේ දිනකදී එම පිරිසෙන් කිහිපදෙනෙකුට අමාත්‍ය ධුර ද හිමිවීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගේ නම් අමාත්‍ය ධුර ලබා ගැනීම සඳහා යොමුකර ඇති බවද වාර්තා වනවා.